WHAT'S NEW?
Loading...

Shortcut එකකින් programme කිහිපයක් අරිමු !!

සුබ දවසක් කියමින් පොඩි notepad trick එකක් තමා අද මේ කියලා දෙන්න හදන්නේ .මේ trick එකින් අපට පුළුවන් අපේ computer එකේ තියන ඕනිම වැඩසටහන් කිහිපයක් එක click එකකින් open කරගන්න :) 
හරිම සරල trick එකක්..

1. ඔන්න එහෙනම් පහලින් තියෙන්නේ අදාළ coding ටික notepad එකේ  හරියට type කරගන්න..

@echo off
cd "C:\KMPlayer\KMPlayer.exe\"
start KMPlayer.exe

cd "C:\Program Files(x86)\MozillaFirefox\firefox.exe"
start firefox.exe

exit

2. දෑන් notepad එකේ file > save as යන්න 

3. file type "all" දිඉලා , මේ file එකට කැමති නමකින්   .bat extension එකින් save කරගන්න.
උදා :- start.bat 


4. ඊට පස්සේ අදාළ bat file එක run කරලා බලන්න ඔයාලා දුන්නු programme සෙට් එක නිකන්ම open වේවී.. :)


සැලකිය යුතු දෑ :-  

* මේකෙදි cd යන අකුරු වලට එහා පැත්තේ කොළ  පාටින් තියන්නේ අපට open කරගන්න ඕනි programme එකේ location එක.මේ location එක හරියට ලබා දෙන්න ඕනි..තව run වෙන්න ඕනි programme එකේ extension එකත් හරියටම දෙන්න.

@echo off සහ exit යන දෙක අතර cd යන command එකින් අදාල  programme location එක 
හරියට දෙන්න. 

ඕනිම  programme ගානක් මේ code එකින් run කරන්න පුළුවන් .

erorr එකක් ආවොත් වචන අතර space,programme location එක  හරියට තියනවාද කියලා check කරන්න.



:) :) :) :)

GTA V අවුල් වියවුල් !!



    මේ පොස්ට් එක දාන්න ප්‍රධානම හේතුව තාමත් මේ  GTA V උණුසුම නැති වෙලා නැති නිසා..මොකක්ද මේ GTA V !!අකුරු 3කට රෝමන් 5ක් සෙට් කරපු නමක් විතරද?? :)  මේ ගැන  කියනවනම් මේක OPEN WORLD කාන්ඩයට අයිති වෙන game එකක්.වාහන පදින්න,සල්ලි ගන්න,ජිම් යන්න,CLUB වල පිස්සු කෙලින්න වගේ ඕනි දෙයක් මේ game එකේදි අපට කරන්න පුළුවන්..මේක දැනට නිකුත් උන game වලින් ලොකුම GB ගානක් තියන game එකක්.හරියටම 60GBයි . ලංකාවේ කඩවල DVD වලින් නම්,DVD 15 - 16 ක් .සමහර අය මේ game එක සල්ලි වලට ROCKSTAR,STREAM හරහා  ONLINE සල්ලි ගෙවලා අරගෙන තිබුනා.සල්ලි තියනවනම් ඇත්තටම සල්ලි ගෙවලා ගත්තට පාඩුවක් නම් නැ.ඒ තරමටම game එක හදපු අය ගොඩාක් මහන්සි වෙලා තියනවා. :)  US $59.99 වගේ මුදලක් වියදම් කරන්න බැරි අපිට ඉතින් හොදා crack එකක්  එනකන් ඉවසන්න උනා. ඉතින් මේ game එක ROCKSTAR ආයතනය විසින් 17+  වයස් සීමාවන් සදහා පමණක් නිර්දේශ කරලා තියනවා..මේ game එක හොදින් සෙල්ලම් කරන්න නම් පහල REQUIRMENTS ඕනි වෙනවා... 


ඉතින් ගොඩාක් අයට තියන අව්ලක් මගේ COMPUTER එකේ GTA V සෙල්ලම් කරන්න පුලුවන්ද බැරිද,සෙල්ලම් කරන්නේ කොහොමද,පැය ගානක් game එක install කරලා ඇයි වැඩ නැත්තේ අනම් මනම්.මේ game එක උඩින් තියන REQUIRMENTS වලට වඩා අඩු PC වලත් මේ game එක play කරන්න පුළුවන්. :) INTEL HD 5500,4400,4000 වගේ ONBOARD GRAPHICS,4GB RAM (4+ වලට වඩා වැඩි නම් GRAPHICS HIGH දාන්න පුළුවන් වේවි  )  වලත් මේ game එක හොදට වැඩ :)  DX 11 , 64BIT PC වල තමා ඉතින් game එක හොදට play කරන්න පුළුවන් වෙන්නේ.

මුලින්ම game එකේ graphics,sound වලට ඕනි  අඩුම කුඩුම ටික පහලින් බා ගන්න.. (install කරලා තියන අය download කරන්න ඕනි නැ  )


මුලින්ම උබලා ගාව තියන gta v copy එක ශුවර් එකටම අව්ලක් නැතිව full install කරගන්න..

මේ සදහා crack 4(v1.0.350.1) එක තමා මන් පාවිච්චි කලේ !!  :)  තව මේකට ලංකාවේ කොල්ලෙක් CRASH FIX එකකුත් හදලා තියනවා.. :) CRASH FIX එකින්  game mission ටික  කිසිම අව්ලක් නැතිව ඉවර කරන්න පුළුවන්..
එහෙනම් පහල තියන crack 4(v1.0.350.1) එකයි CRASH FIX එකයි බා ගන්න :)

crack (v1.0.350.1) (425mb ) =

CRASH FIX (5mb) =  DOWNLOAD LINK
(සැ.යු :- crack 4 v1.0.350.1 එක සදහා පමණක් මෙම  CRASH FIX එක වැඩ කරයි !!!! අනෙකුත් crack වලට වැඩ නැ  )

එහෙනම්,
මුලින්ම crack V4 එක game එක install වෙලා තියන තැනට හරියට PASTE කරගන්න හැටි බලමු   :)

01. මුලින්ම virus gard එක disabel කරගන්න.
02. downlod කරගත්ත  crack V4 එක extract කරගන්න..
03. මුලින්ම crack කියන folder එකේ තියන file ටික copy කරගෙන,game එක install කරලා තියන 
පාත් එකට දාන්න.
04. පස්සේ installer folder එකේ තියන social club එක insatal කරගන්න.
05. update folder එක open කරලා,එකේ තියන file ටික game එක insatall කරලා තියන පාත් එකට දා ගන්න.

(පහත රූපය තුලින් crack එක දා ගන්න හැටි බලන්න) 
    
දැන් අපි මහේශ්ගේ CRASH FIX එක දා ගන්න හැටි බලමු !!

(සැ.යු :- CRASH FIX එක දාන්න කලින් crack v4 එක හරියට install කරගෙන ඉන්න )

01. GTA_V_Crash_Fix_Launcher එක extract කරගන්න..
02. folder එක තුල තියන  file ටික game එක install උන පාත් එකට දා ගන්න..
03. Fix_Launche2 කියන exe එක run කරලා තත් 10 - 20කින් game එක run වේවි ... :) 

මේ පහලින් තියන tutorial video එකත් මුල ඉදලා අගට හොදට  බලපුවහම තවත් හොදට තේරුම් ගන්න පුළුවන් වේවි . :)

මේ game එකේ crack එකත් හරියට දාගෙන , REQUIRMENTS එහෙමත් හරියට තිබිලා,ඔක්කොම කරලා game එක වැඩ ERROR එකක් ආවොත් එන දුක අමුතුවෙන් කියන්න ඕනි නැනෙ උබලට   :( 
ඉතින් game එක සෙල්ලම් කරන කොට එන ERORR FIX කරගෙන game එක play කරගන්න හැටි දැන්  බලමු.. :)


1. ROCKSTAR SOCIAL CLUB ERROR !!




Game එක LOAD වෙන අතරතුර තමා මේ ERROR එක එන්නේ . SOCIAL CLUB install කලත් SOCIAL CLUB එක වැඩ කරන්නේ නැතුව ERROR එකක් එන නිසා game 
එක වැඩ කරන්නේ නැ :(  

මේක වෙන්නේ වින්ඩෝස් වල SERVICE PACK අව්ලක් නිසා.මේකට කරන්න තියන්නේ නම් වින්ඩොව්ස් එකේ SERVICE PACK 1 UPDATE කරන එක.
පහලින් SERVICE PACK 1 UPDATE එක download කරගෙන install කරගන්න ..




මේක 900mb තියන update එකක් crash වෙන්නේ නැති විදිහට idm එකින් බා ගන්න..මේක හරියටම වැඩ කරනවා..install වෙන්න  පැයක් වගේ යාවි :) 
මේක install උනාට පස්සේ computer එක නිකන්ම දෙපාරක් restart උනාට පස්සේ , Fix_Launche2.exe එකින් game එක run කරලා බලන්න.game එක වැඩ .. :)




2. GAME එකේ තියන්නේ චීන අකුරු !!! 




මේකට තියන්නේ පහල තියන reg file එක registry එකට add කරගන්න එක,එතකොට game එක english වලින් වැඩ..




3. Game එක not responding වීම / game එකේ car වල යනකොට lag වෙන එක ..


මේකට කරන්න තියන්නේ,

01 . C:\Users\(Administrator Name)\Documents\Rockstar Games\GTA V කියන පාත් එකට යන්න.
02 . setting කියන .xml file එක notepad එකින් open කරගන්න.  

03 . <DX_Version value="2" /> කියලා තියන එක "1" කරලා save කරගන්න..


යාලුවෙක් කියලා තිබ්බා සමහර ලෑප් වල gta v සෙල්ලම් කරද්දී කෝච්චර setting හැදුවත් car වලද යද්දී එන lag එක හදාගන්න බැ කියලා :( මේකට,

*පුළුවන් තරම්  v-sync වගේ graphic effect off  කරලාම දාන්න .
*Nvidia + Intel HD Graphics තියන අය NVIDIA Graphic එක disabel කරලා HD Graphics වලින් විතරක් game එක run කරන්න.
*AMD + Intel HD Graphics තියන අය පහල video එකේ තියන විදිහට කරලා බලන්න..


දෑන් ඉතින් game එක play කරද්දී අපට ඕන වෙන cheats ටික වගේම game එකේ crack එකට වැඩ කරන trainer එකත් පහලින් අරගන්න..
(cheats type කරන්න game play කරන අතරතුර keyboard එකේ  ~ ලකුණ ගහල අදාළ cheat එක දීලා enter key ගහන්න   )  

trainer එක සදහා game එක run කරන්න කලින් right click > run as administrator trainer එක run කරලා,

එකින් game එක run කරන්න.. (සල්ලි ලබා ගැනීමට trainer එක දා ගන්න )


ඉතින් තව error අවොත් comment එකක් දාලා යන්න..තව error fix කරගත්ත හැටි දන්නවනම් ඒවත් අපිට කියන්න :) 

මේ පොස්ට් ටික දෑම්මේ  facebook එකේ , elakiri එකේ අය  error හදාගත්ත හැටි ගැන දාපු පොස්ට් වලින්. මටත් ගොඩාක් අය උදව් කළා මගේ Desktop computer එකේ (i3,intel hd 4400,4gb ram) game එක play කරන විදිහ කියලා දෙන්න.
තව මහේෂ්ගේ crash fix එක නැත්නම් ඉතින් gta v එකත් ගහලා ඉවරයි.පොරටත් ස්තූති කියමින්,හැපි gta v game එකක් වේවා !!! :)




GAMES වලදී PHOTO ගහන සූරයා !!!


කොහොමද මචන්ලා !!
අදත් අලුත් දෙයකින්,අලුත් සොෆ්ට් කැල්ලක් ඔයාලාට ගෙනත් දෙනවා..මේක ඉතින්  COMPUTER GAMES ගහන අයට නම් ගොඩාක් ඕනි වේවී..මේකේ සොෆ්ට් කැල්ලේ  නම fraps..screen shots ගහන්න වගේම,අපේ gameplay එකේ video එහෙමත් ලේසියෙන්ම  save කරගන්න හොදම එකක් තමා fraps කියන්නේ. :) razor cortex එකත් fraps එක්ක ගොඩාක් ලගින් යන softwere එකක් උනත් සමහර game play කරනකොට razor cortex එක වැඩ නැති වෙනවා..ඉතින් මේ fraps කියන්නෙත් ඉතින් free ගන්න පුළුවන් එකක් නම් නෙවේ.මේ පහලින් තියන එකට crack එකක් ඕනි නැ.මේක කලින් crack කරපු එකක් :) ඉතින් බාගෙන install කරන්න විතරයි තියන්නේ :) 


DOWNLOAD LINK (2.5MB)


හරි එහෙනම් මේ pre-activated fraps එකේ තියන වාසි බලමු..

1. 60fps (frame per second - තත්පරයකට රූප රාමු  )   video කිරීමෙ හැකියාව.

2. screenshots ගැනීමේ දී bmp,jpg,png,tng වගේ ඕනිම ෆොර්මැට් එකකින් save කරගත හැකි වීම. 
( active නොකරපු fraps වලින් අපිට bmp format එකේ pictures පමණක් ලබා ගත හැකි අතර video කිරීමෙදී යම්කිසි විනාඩි ප්‍රමාණයකට සිමා කර ඇත )


ආයෙත් අලුත් දෙයකින් හමුවෙනකම් අදට අපි ගියා,සුබ දවසක් !!!

IDM ERROR කරදරෙන් බේරීමේ ක්‍රම 4ක් !!!


කොහොමද මචංලා !! අද රණවිරු දිනය .. හැම රණවිරුවෙකුටම අපි ගොඩාක් respect කරනවා.
එහෙනම් අද කතාවට බහිමු..
හැම වෙලාවේම ඉන්ටර්නෙට් එකේ පිස්සු කෙලින (උදාහරණයකට මේ මම) එකට අමතරවහැම දෙයක්ම බා ගන්න ගොඩාක් වෙලාවට අපි IDM (internet download manager) එක භාවිතා කරනවා.ගොඩාක් අයපාවිච්චි කරන්නේ crack කරපුවා..මේ ලගකදී ඉදලා crack කරපු ඒවට idm company එකින් game එක දිල ඇති.. :( හැම වෙලාවේම එන error message එකක් නිසා වැඩක් වත් කරගන්න අමාරු වෙලා ඇති.මේ  error message නිසා idm එකට මුකුත් අව්ලක් නැති උනත්,මේක හරිම කරදරයක් !! මේ කියන්න හදන්නෙ idm  error message එක හදාගන්න පුළුවන් ක්‍රම 4ක් !!!!

(මේවා කරන්න කලින් internet එක disconnect කරනවානම් තමා හොද!! ඉන්ටෙර්නෙට් එක online නම්  disconnect කරන්න  )

පළමු ක්‍රමය !!

1. IDM Fake Fixed එක download කරගෙන extract කරගන්න .
(idm fake fixed යන වචනය click කිරිමෙන් fix එක බා ගත හැක )

2. Reset (Fixed).exe එක right click > run as administrator දිලා open කරගන්න.

3. Automatically කියලා තියන tick එක අයින් කරන්න.

4. “Trial Reset” tab එක click කරන්න.

5. trial reset උනා කියල message එක ආවට පස්සේ “Register IDM now”එක click කරන්න.
(එන පොප් up එකේ name එක වෙනස් කරන්න නම් එපා )

 6.  ආයෙත් "Register IDM now" click කරලා active massage එක එනකන්  ටික වෙලාවක් ඉන්න..



දෙවන ක්‍රමය

1. [Windows Key + R] ගහල run එක open කරගන්න.

2. regedit කියලා පහල විදිහට type කරලා ok කරගන්න.




3. පහල පාත් එක open කරගන්න.
HKEY_CURRENT_USER > Software > DownloadManager

4. “CheckUpdtVM” එක open කරගන්න.
(සැ.යු : - මෙම අගය  idm  error message එක එකපාරක් හරි ආ අයට විතරක් 10 වෙලා තියේවි )

5. දැන් අගය  “0” දාලා ok කරන්න


තුන්වන ක්‍රමය

1. IDM install වෙලා තියන පාත් එකට යන්න.
(පහත ලබා දී ඇත්තේ idm install වෙන default පාත් එක වේ)
C:\Program Files (x86)\Internet Download Manager


2. IDMGrHlp.exe  file එක හොයාගෙන delete කරන්න.





3. දැන් idmBroker.exe එක හොයාගෙන copy කරලා,idm install වෙලා තියන පහල පාත් එකටම paste කරගන්න.
C:\Program Files (x86)\Internet Download Manager


4 . copy කරගත්ත idmBroker.exe එක file එක IDMGrHlp.exe යන නමින් rename කරගන්න.

5. කොම්පීතර් එක restart කරගන්න :)

හතරවන ක්‍රමය

1. පහල තියන පාත් එකට යන්න.
 C:\Windows\System32\drivers\etc\

2. hosts කියල තියන file එක open කරගන්න.

3. මෙම hosts කියන file එක notepad එකට ඇදල දාලා open කරගන්න.

4. පහල නිල් පාටින් highlight වෙලා තියන පාත් එකට පහලින් තියන,text ටික copy කරගන්න.
(එතන තියන text ටික  මුලින්ම delete කරන්න )

127.0.0.1 tonec.com
127.0.0.1 http://www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 http://www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 http://www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
127.0.0.1 mirror3.internetdownloadmanager.com






5. file එක save කරලා computer එක restart කරන්න.


මේ ක්‍රම හතරින් ඔයාලට කැමති ක්‍රමයකට idm error එක හදාගන්න පුළුවන්.මගේ පලවෙනි ක්‍රමය වැඩ කළ නිසා අනිත් ක්‍රම ටෙස්ට් කලේ නැ..කාට හරි පලවෙනි ක්‍රමය වැඩ කලේ නැත්නම් අනිත් ක්‍රම ටෙස්ට් කරන්න පුළුවන්..මේ ලිපියේ තියන දෙවන ක්‍රමය elakiri අඩවියේ සහෝදරයෙකුගෙන් ගත්ත එකක් :)

එහෙනම් පහලින් තියන්නේ මගේ ගාව තියන idm error අව්ලින් නිදහස් උන idm එක..

එහෙනම් ආයෙත් අලුත් ලිපියකින් හමු වෙමු !!!
(comment එකකින් සහයෝගය ලබා දෙන සියල්ලටම අපගේ ප්‍රණාමය - ජී.බී. )

idm වලින් බාගෙට ගත්ත VIDEO බලමු !!

සුබ දවසක්  වේවා හැමොටම..ගොඩ කාලෙකට පස්සේ අද ගෙනාවා පොඩි පී.සී TRICK එකක්..මේ TRICK එක ගොඩාක් වෙලාවට idm (internet downlod manager) එකින් FILMS බාන අයට ගොඩාක් වැදගත් වේවි...හරි එහෙනම් බොරු ආටෝපේ නැතුව අපේ අද සබ්ject එකට බහිමු..


IDM වලින්   VIDEO එකක් බාන කොට ඒ video එක මොනවගේ copy එකක්ද,film එකක් නම් කැමරා copy එකක්ද,හොද HD copy එකක්ද කියලා අපිට video එක DOWNLOAD වෙද්දි බලාගන්න තිබ්බනම් කොහොමද ?? :)  torrent බාන අයට නම් මේක අදාළ නැ.
මේ SYSTEM එකින් හොද copy කියලා බොරුවට site වල දාලා තියන film බාලා ඩේටා නාස්ති කරගන්න 
එකත් අවම කරගන්න පුළුවන් වේවි..

එහෙනම් වැඩේට බහිමු !!

01. මුලින්ම අපි idm එක හරහා download කරන film එකින් 3% - 4%ක් බා ගන්න..
(DATA පොඩ්ඩක් නාස්ති උනාට බය වෙන්න එපා :)

02. බා ගන්න අතරමග idm එක PAUSH කරගන්න..


03. දැන් windows logo key + r එකවර ගහල run  එක open කරගන්න.   

04. පස්සේ පහල විදිහට %appdata% කියලා type කරලා ok කරන්න.


05. පහල විදිහට window එකක් ආපුවහම,ඒවලින් idm folder එක හොයාගෙන open කරගන්න .

06. DwnlData > Administrator name folder එක open කරගන්න..

07. ඔයාලා download කරන video file name එකට අදාළ folder එකක් තුල, files ගොඩක් හැදිලා ඇති,
ඒ file එකක් open කරලා vlc media player එකින් run කරාම video එකේ qulity එක බලා ගන්න පුළුවන්..
(පහලින් තියන්නේ මං බාන video එකක files ටික සහ video qulity එක) 

එහෙනම් සුබ දවසක් උබලා සෙට් එකටම...!!!

Life Is Strange දෙවෙන කොටස - කාලයෙන් එහාට



 කොහොමද මචංලා අද ගෙනාවේ අපේ කතා නායකයා වෙන පුංචි මැක්ස්ගෙ කතාව වන Life Is Strange game එකේ දෙවෙනි කොටස :)
මේ game එකේ පලවෙනි ලිපිය කියවපු නැති අයට කතාව ගැන අදහසක් ලබා ගන්න පළමු ලිපිය මෙතනින් බලන්න පුළුවන්.මෙදා සැරෙත් ඉතින් හොද වගේම නරක යන දෙකම සමානව ඇතුලත් කතාවක් තමා අපිට ලබා දීලා තියන්නේ..

මේකතා කොටසේ නම "Out Of Time" කියලා තමා නම් කරලා තියන්නේ..කලින්කොටස සෙල්ලම් කරපු අය දන්නවා කතාව අවසානයට මැක්ස්ගේ බලය ගැන හැමදෙයක්ම ක්ලොවී කියන එයාගේ යාලුවත් දැනගන්නවා..මේ කොටසින් තමා ඉතින් මේ මැක්ස්ගෙ බලය  ක්ලොවීට ඔප්පු කරලා පෙන්නන්නෙ.පළමු කතාවේ ආවර්ජනයකුත් කතාව පටන් ගද්දි පෙන්නනවා..එහෙනම් අද කතාව පැත්තට හැරෙමු..
" පළමු කොටසේ හිටපු කේට් සහ වික්ටෝරියා ගැන මේ කතාවේත් ගොඩාක් දුරට කතා කරනවා,පලවෙනි කොටසේ දී කේට්ට,විශ්ව විද්යාලයේ ඉන්න මුරකරුවෙක් බනිනවා මැක්ස් දකිනවනේ,ඉතින් මේ කොටසේදී තමා මොකටද කේට්ට බනින්නේ කියලා අපි දැනගන්නේ..ඉතින් මේ හේතුව හින්දා කේට් සියදිවි හානි කරගන්නත් හදනවා.ඉතින් මේ හේතුව මොකක්ද ? කෙට්ගෙ ජීවිතය  බේරාගන්නවද , නැද්ද කියන එකත් අපි කරන වැඩ අනුව තීරණය වේවි,ක්ලොවී සහ මැක්ස්ගේ යහළුකම ගැනත්,ක්ලොවීගෙ කලින් හොදම යාලුවෙක් වෙන රේචල් ගැනත් මේ කතාවේදී අපිට දැනගන්න පුළුවන්.  "



 තින් මේ game එකේ දෙවෙනි කොටස පහලින් ඔයාලාට download කරගන්න පුළුවන්..  
game එක STREAM දර්ශකයේ 10/10ම ලබා ගෙන තියන නිසා game එක ගැන තවත් හොදට හිතාගන්න පුළුවන් වේවි :) 


මේ විදිහට game එක ඉන්ස්ටෝල් කරගන්න.
01. පලවෙනි ගේම් එක install කරලා තියනවනම් ඒ game එක uninstall කරන්න.
02. iso මෘදුකාංගයක් හරහා game එක MOUNT කරගන්න.
03. install කරන්න.
04. iso එක ඇතුලෙ තියන crack file එක game එක install කරලා තියන bin32 කියන folder එක තුලට දාගන්න.
 ඉතින් game එකේ තුන්වෙනි කොටස ලගදීම නිකුත් වේවි .game එක ඕනිම වයස් කාන්ඩයක කෙනෙක්ට සෙල්ලම් කරන්න පුලුවන්.graphics එහෙමත් ගොඩාක් හොද තත්වෙක තියනවා.මං මේ game එක MIDIUM graphics වලින් play  කරද්දී ගත්ත පින්තූර වලින් පේනවනේ game එකේ ගතිය.අලුත් විදිහට game play කරන අයට මේ game එක වෙනස්ම එකක් වේවි.එහෙනම් මේ කොටස මැක්ස් ගේ ජීවිතය කොයි විදිහට වෙනස් වේවිද කියන එක සෙල්ලම් කරලාම බලන්න .ආයෙත් කියනවා game එකේ ඔයාලා හිතන විදිහ අනුව,මේ  කොටසේ අවසානය දුක්බර හෝ සතුටූ එකක් වේවි ..

 
සුබ දවසක් !!!

Created by ThemeXpose