මේ පොස්ට් එක දාන්න ප්රධානම හේතුව තාමත් මේ GTA V උණුසුම නැති වෙලා නැති නිසා..මොකක්ද මේ GTA V !!අකුරු 3කට රෝමන් 5ක් සෙට් කරපු නමක් විතරද?? :) මේ ගැන කියනවනම් මේක OPEN WORLD කාන්ඩයට අයිති වෙන game එකක්.වාහන පදින්න,සල්ලි ගන්න,ජිම් යන්න,CLUB වල පිස්සු කෙලින්න වගේ ඕනි දෙයක් මේ game එකේදි අපට කරන්න පුළුවන්..මේක දැනට නිකුත් උන game වලින් ලොකුම GB ගානක් තියන game එකක්.හරියටම 60GBයි . ලංකාවේ කඩවල DVD වලින් නම්,DVD 15 - 16 ක් .සමහර අය මේ game එක සල්ලි වලට ROCKSTAR,STREAM හරහා ONLINE සල්ලි ගෙවලා අරගෙන තිබුනා.සල්ලි තියනවනම් ඇත්තටම සල්ලි ගෙවලා ගත්තට පාඩුවක් නම් නැ.ඒ තරමටම game එක හදපු අය ගොඩාක් මහන්සි වෙලා තියනවා. :) US $59.99 වගේ මුදලක් වියදම් කරන්න බැරි අපිට ඉතින් හොදා crack එකක් එනකන් ඉවසන්න උනා. ඉතින් මේ game එක ROCKSTAR ආයතනය විසින් 17+ වයස් සීමාවන් සදහා පමණක් නිර්දේශ කරලා තියනවා..මේ game එක හොදින් සෙල්ලම් කරන්න නම් පහල REQUIRMENTS ඕනි වෙනවා...
ඉතින් ගොඩාක් අයට තියන අව්ලක් මගේ COMPUTER එකේ GTA V සෙල්ලම් කරන්න පුලුවන්ද බැරිද,සෙල්ලම් කරන්නේ කොහොමද,පැය ගානක් game එක install කරලා ඇයි වැඩ නැත්තේ අනම් මනම්.මේ game එක උඩින් තියන REQUIRMENTS වලට වඩා අඩු PC වලත් මේ game එක play කරන්න පුළුවන්. :) INTEL HD 5500,4400,4000 වගේ ONBOARD GRAPHICS,4GB RAM (4+ වලට වඩා වැඩි නම් GRAPHICS HIGH දාන්න පුළුවන් වේවි ) වලත් මේ game එක හොදට වැඩ :) DX 11 , 64BIT PC වල තමා ඉතින් game එක හොදට play කරන්න පුළුවන් වෙන්නේ.
මුලින්ම game එකේ graphics,sound වලට ඕනි අඩුම කුඩුම ටික පහලින් බා ගන්න.. (install කරලා තියන අය download කරන්න ඕනි නැ )
මුලින්ම උබලා ගාව තියන gta v copy එක ශුවර් එකටම අව්ලක් නැතිව full install කරගන්න..
මේ සදහා crack 4(v1.0.350.1) එක තමා මන් පාවිච්චි කලේ !! :) තව මේකට ලංකාවේ කොල්ලෙක් CRASH FIX එකකුත් හදලා තියනවා.. :) CRASH FIX එකින් game mission ටික කිසිම අව්ලක් නැතිව ඉවර කරන්න පුළුවන්..
එහෙනම් පහල තියන crack 4(v1.0.350.1) එකයි CRASH FIX එකයි බා ගන්න :)
crack (v1.0.350.1) (425mb ) =
CRASH FIX (5mb) = DOWNLOAD LINK
(සැ.යු :- crack 4 v1.0.350.1 එක සදහා පමණක් මෙම CRASH FIX එක වැඩ කරයි !!!! අනෙකුත් crack වලට වැඩ නැ )
එහෙනම්,
මුලින්ම crack V4 එක game එක install වෙලා තියන තැනට හරියට PASTE කරගන්න හැටි බලමු :)
02. downlod කරගත්ත crack V4 එක extract කරගන්න..
03. මුලින්ම crack කියන folder එකේ තියන file ටික copy කරගෙන,game එක install කරලා තියන
පාත් එකට දාන්න.
04. පස්සේ installer folder එකේ තියන social club එක insatal කරගන්න.
05. update folder එක open කරලා,එකේ තියන file ටික game එක insatall කරලා තියන පාත් එකට දා ගන්න.
(පහත රූපය තුලින් crack එක දා ගන්න හැටි බලන්න)
දැන් අපි මහේශ්ගේ CRASH FIX එක දා ගන්න හැටි බලමු !!
(සැ.යු :- CRASH FIX එක දාන්න කලින් crack v4 එක හරියට install කරගෙන ඉන්න )
01. GTA_V_Crash_Fix_Launcher එක extract කරගන්න..
02. folder එක තුල තියන file ටික game එක install උන පාත් එකට දා ගන්න..
03. Fix_Launche2 කියන exe එක run කරලා තත් 10 - 20කින් game එක run වේවි ... :)
මේ පහලින් තියන tutorial video එකත් මුල ඉදලා අගට හොදට බලපුවහම තවත් හොදට තේරුම් ගන්න පුළුවන් වේවි . :)
මේ game එකේ crack එකත් හරියට දාගෙන , REQUIRMENTS එහෙමත් හරියට තිබිලා,ඔක්කොම කරලා game එක වැඩ ERROR එකක් ආවොත් එන දුක අමුතුවෙන් කියන්න ඕනි නැනෙ උබලට :(
ඉතින් game එක සෙල්ලම් කරන කොට එන ERORR FIX කරගෙන game එක play කරගන්න හැටි දැන් බලමු.. :)
1. ROCKSTAR SOCIAL CLUB ERROR !!
Game එක LOAD වෙන අතරතුර තමා මේ ERROR එක එන්නේ . SOCIAL CLUB install කලත් SOCIAL CLUB එක වැඩ කරන්නේ නැතුව ERROR එකක් එන නිසා game
එක වැඩ කරන්නේ නැ :(
මේක වෙන්නේ වින්ඩෝස් වල SERVICE PACK අව්ලක් නිසා.මේකට කරන්න තියන්නේ නම් වින්ඩොව්ස් එකේ SERVICE PACK 1 UPDATE කරන එක.
පහලින් SERVICE PACK 1 UPDATE එක download කරගෙන install කරගන්න ..
මේක 900mb තියන update එකක් crash වෙන්නේ නැති විදිහට idm එකින් බා ගන්න..මේක හරියටම වැඩ කරනවා..install වෙන්න පැයක් වගේ යාවි :)
මේක install උනාට පස්සේ computer එක නිකන්ම දෙපාරක් restart උනාට පස්සේ , Fix_Launche2.exe එකින් game එක run කරලා බලන්න.game එක වැඩ .. :)
2. GAME එකේ තියන්නේ චීන අකුරු !!!
යාලුවෙක් කියලා තිබ්බා සමහර ලෑප් වල gta v සෙල්ලම් කරද්දී කෝච්චර setting හැදුවත් car වලද යද්දී එන lag එක හදාගන්න බැ කියලා :( මේකට,
*පුළුවන් තරම් v-sync වගේ graphic effect off කරලාම දාන්න .
*Nvidia + Intel HD Graphics තියන අය NVIDIA Graphic එක disabel කරලා HD Graphics වලින් විතරක් game එක run කරන්න.
*AMD + Intel HD Graphics තියන අය පහල video එකේ තියන විදිහට කරලා බලන්න..
දෑන් ඉතින් game එක play කරද්දී අපට ඕන වෙන cheats ටික වගේම game එකේ crack එකට වැඩ කරන trainer එකත් පහලින් අරගන්න..
මේකට තියන්නේ පහල තියන reg file එක registry එකට add කරගන්න එක,එතකොට game එක english වලින් වැඩ..
3. Game එක not responding වීම / game එකේ car වල යනකොට lag වෙන එක ..
මේකට කරන්න තියන්නේ,
01 . C:\Users\(Administrator Name)\Documents\Rockstar Games\GTA V කියන පාත් එකට යන්න.
02 . setting කියන .xml file එක notepad එකින් open කරගන්න.
03 . <DX_Version value="2" /> කියලා තියන එක "1" කරලා save කරගන්න..
යාලුවෙක් කියලා තිබ්බා සමහර ලෑප් වල gta v සෙල්ලම් කරද්දී කෝච්චර setting හැදුවත් car වලද යද්දී එන lag එක හදාගන්න බැ කියලා :( මේකට,
*පුළුවන් තරම් v-sync වගේ graphic effect off කරලාම දාන්න .
*Nvidia + Intel HD Graphics තියන අය NVIDIA Graphic එක disabel කරලා HD Graphics වලින් විතරක් game එක run කරන්න.
*AMD + Intel HD Graphics තියන අය පහල video එකේ තියන විදිහට කරලා බලන්න..
දෑන් ඉතින් game එක play කරද්දී අපට ඕන වෙන cheats ටික වගේම game එකේ crack එකට වැඩ කරන trainer එකත් පහලින් අරගන්න..
(cheats type කරන්න game play කරන අතරතුර keyboard එකේ ~ ලකුණ ගහල අදාළ cheat එක දීලා enter key ගහන්න )
trainer එක සදහා game එක run කරන්න කලින් right click > run as administrator trainer එක run කරලා,
එකින් game එක run කරන්න.. (සල්ලි ලබා ගැනීමට trainer එක දා ගන්න )
ඉතින් තව error අවොත් comment එකක් දාලා යන්න..තව error fix කරගත්ත හැටි දන්නවනම් ඒවත් අපිට කියන්න :)
මේ පොස්ට් ටික දෑම්මේ facebook එකේ , elakiri එකේ අය error හදාගත්ත හැටි ගැන දාපු පොස්ට් වලින්. මටත් ගොඩාක් අය උදව් කළා මගේ Desktop computer එකේ (i3,intel hd 4400,4gb ram) game එක play කරන විදිහ කියලා දෙන්න.
තව මහේෂ්ගේ crash fix එක නැත්නම් ඉතින් gta v එකත් ගහලා ඉවරයි.පොරටත් ස්තූති කියමින්,හැපි gta v game එකක් වේවා !!! :)










ගේම් එක 29% ඉවර කරා. දැන් මැප් එකේ missions මුකුත් නෑ. මේක හදාගන්නෙ කොහොමද
ReplyDelete