කොහොමද මචංලා අද ගෙනාවේ අපේ කතා නායකයා වෙන පුංචි මැක්ස්ගෙ කතාව වන Life Is Strange game එකේ දෙවෙනි කොටස :)
මේ game එකේ පලවෙනි ලිපිය කියවපු නැති අයට කතාව ගැන අදහසක් ලබා ගන්න පළමු ලිපිය මෙතනින් බලන්න පුළුවන්.මෙදා සැරෙත් ඉතින් හොද වගේම නරක යන දෙකම සමානව ඇතුලත් කතාවක් තමා අපිට ලබා දීලා තියන්නේ..
මේකතා කොටසේ නම "Out Of Time" කියලා තමා නම් කරලා තියන්නේ..කලින්කොටස සෙල්ලම් කරපු අය දන්නවා කතාව අවසානයට මැක්ස්ගේ බලය ගැන හැමදෙයක්ම ක්ලොවී කියන එයාගේ යාලුවත් දැනගන්නවා..මේ කොටසින් තමා ඉතින් මේ මැක්ස්ගෙ බලය ක්ලොවීට ඔප්පු කරලා පෙන්නන්නෙ.පළමු කතාවේ ආවර්ජනයකුත් කතාව පටන් ගද්දි පෙන්නනවා..එහෙනම් අද කතාව පැත්තට හැරෙමු..
" පළමු කොටසේ හිටපු කේට් සහ වික්ටෝරියා ගැන මේ කතාවේත් ගොඩාක් දුරට කතා කරනවා,පලවෙනි කොටසේ දී කේට්ට,විශ්ව විද්යාලයේ ඉන්න මුරකරුවෙක් බනිනවා මැක්ස් දකිනවනේ,ඉතින් මේ කොටසේදී තමා මොකටද කේට්ට බනින්නේ කියලා අපි දැනගන්නේ..ඉතින් මේ හේතුව හින්දා කේට් සියදිවි හානි කරගන්නත් හදනවා.ඉතින් මේ හේතුව මොකක්ද ? කෙට්ගෙ ජීවිතය බේරාගන්නවද , නැද්ද කියන එකත් අපි කරන වැඩ අනුව තීරණය වේවි,ක්ලොවී සහ මැක්ස්ගේ යහළුකම ගැනත්,ක්ලොවීගෙ කලින් හොදම යාලුවෙක් වෙන රේචල් ගැනත් මේ කතාවේදී අපිට දැනගන්න පුළුවන්. "
ඉතින් මේ game එකේ දෙවෙනි කොටස පහලින් ඔයාලාට download කරගන්න පුළුවන්..
game එක STREAM දර්ශකයේ 10/10ම ලබා ගෙන තියන නිසා game එක ගැන තවත් හොදට හිතාගන්න පුළුවන් වේවි :)
මේ විදිහට game එක ඉන්ස්ටෝල් කරගන්න.
01. පලවෙනි ගේම් එක install කරලා තියනවනම් ඒ game එක uninstall කරන්න.
02. iso මෘදුකාංගයක් හරහා game එක MOUNT කරගන්න.
03. install කරන්න.
04. iso එක ඇතුලෙ තියන crack file එක game එක install කරලා තියන bin32 කියන folder එක තුලට දාගන්න.
01. පලවෙනි ගේම් එක install කරලා තියනවනම් ඒ game එක uninstall කරන්න.
02. iso මෘදුකාංගයක් හරහා game එක MOUNT කරගන්න.
03. install කරන්න.
04. iso එක ඇතුලෙ තියන crack file එක game එක install කරලා තියන bin32 කියන folder එක තුලට දාගන්න.
ඉතින් game එකේ තුන්වෙනි කොටස ලගදීම නිකුත් වේවි .game එක ඕනිම වයස් කාන්ඩයක කෙනෙක්ට සෙල්ලම් කරන්න පුලුවන්.graphics එහෙමත් ගොඩාක් හොද තත්වෙක තියනවා.මං මේ game එක MIDIUM graphics වලින් play කරද්දී ගත්ත පින්තූර වලින් පේනවනේ game එකේ ගතිය.අලුත් විදිහට game play කරන අයට මේ game එක වෙනස්ම එකක් වේවි.එහෙනම් මේ කොටස මැක්ස් ගේ ජීවිතය කොයි විදිහට වෙනස් වේවිද කියන එක සෙල්ලම් කරලාම බලන්න .ආයෙත් කියනවා game එකේ ඔයාලා හිතන විදිහ අනුව,මේ කොටසේ අවසානය දුක්බර හෝ සතුටූ එකක් වේවි ..
සුබ දවසක් !!!








0 comments:
Post a Comment